හිටපු බුද්ධිඅංශ ප්‍රධානී සුරේෂ් සලේගේ පවුලේ අයගෙන් වතිකානයේ පාප් වහන්සේ වෙත ලිපියක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ මව සහ බිරිඳ විසින් පාප් වහන්සේ වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලය වෙත අද (ජූනි 23) පෙරවරුවේ ගිය එම පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත මෙම ලිපිය නිල වශයෙන් භාර දී ඇත. පවතින මානුෂීය ගැටලු සලකා බලා මේ සඳහා මැදිහත් වන ලෙස ඔවුහු එමඟින් ඉල්ලා සිටිති.​ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත පසුවන සුරේෂ් සලේ මහතා, තමන්ට එල්ල වී ඇති චෝදනාවලට විරෝධය පාමින් දිගින් දිගටම උපවාසයක නිරත වී තිබේ. මේ හේතුවෙන් රෝගී වූ ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් රෝහල් ගත කර අදට දින 16ක් ගතවන බව වාර්තා වේ.​ඔහු මුහුණ දී සිටින මෙම සෞඛ්‍ය හා මානුෂීය තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ මැදිහත්වීම ද අපේක්ෂාවෙන්, සලේ මහතාගේ පවුලේ ඥාතීන් මෙලෙස වතිකානය වෙත සෘජු ආයාචනයක් කිරීමට පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *