අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිනයේ දිවයින පුරා සියලුම පෙරපාසල් සහ පූර්ව ළමා විය සංවර්ධන මධ්යස්ථාන වසා තැබීමට තීරණය කර ඇත.මේ පිළිබඳව සියලුම පෙරපාසල් ප්රධානීන්ට සහ පාලනාධිකාරීන් වෙත පූර්ව ළමා විය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය මගින් දැනුම් දී තිබේ.පවතින කාලගුණ තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දී ඇත.



























