හෝමාගම සහ කොට්ටාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පැය 24ක ජල කප්පාදුවේ කාලසටහන සංශෝධනය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කලටුවාව සිට බොරලැස්ගමුව දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් නල මාර්ගයේ කෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.නව තීරණයට අනුව හෙට (24) රාත්‍රී 8.00 සිට අනිද්දා (25) රාත්‍රී 8.00 දක්වා කාලය තුළ පාදුක්ක, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය සහ පැලැන්වත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම නඩත්තු කටයුතු සිදු කෙරුණ ද මහරගම ප්‍රදේශයට ජල සැපයුම සාමාන්‍ය පරිදි සිදුවන බව මණ්ඩලය සඳහන් කරයි.ඇතැම් ස්ථාන වෙත අඩු පීඩනයක් යටතේ ජලය නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති අතර, මෙම අත්‍යවශ්‍ය සේවා කටයුත්ත හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටියි.



























