ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව හටගත් වෙඩි හුවමාරුවත් සමඟ අද (08) පෙරවරුවේ සිට ගෝලීය බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා වේ. මෙම හදිසි ගැටුම්කාරී වතාවරණය හේතුවෙන් සැපයුම් ජාලය කෙරෙහි ඇති වූ අවිශ්වාසය මිල ගණන් වෙනස් වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ දෙරට අතර පවතින සටන් විරාම එකඟතාවන් ද මෙම සිදුවීමත් සමඟ දැඩි අවදානමකට ලක්ව ඇති බවයි.මිල ගණන් විශ්ලේෂණය කිරීමේදී, බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.3% කින් ඉහළ ගොස් ඩොලර් 102.40 ක් ලෙස සටහන් විය. මීට සාපේක්ෂව ඇමරිකානු WTI බොරතෙල් මිල ද 2.1% ක වර්ධනයක් පෙන්වමින් ඩොලර් 96.80 දක්වා ඉහළ ගොස් ඇත. මීට අමතරව මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක වත්මන් වෙළඳපොළ අගය ඩොලර් 96.66 ක් ලෙස වාර්තා වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.මැදපෙරදිග කලාපයේ පවතින මෙම අස්ථාවර දේශපාලන තත්ත්වය ඉදිරි දිනවලදී බලශක්ති වෙළඳපොළ තවදුරටත් අසන්න වීමට ඉඩ ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති. ප්‍රධාන තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු නොවීම, ගෝලීය ඉන්ධන මිල කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරන කරුණකි. මේ හේතුවෙන් ඉදිරි සතිය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි තවත් උච්චාවචනයන් සිදු විය හැකි බවට පුරෝකථනය කෙරේ.

























