හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී එල්.පී. ගෑස් නෞකාවකට ප්‍රහාරයක්

හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉන්දියානු නාවිකයන් 28 දෙනෙකුගෙන් සමන්විත තරල පෙට්‍රෝලියම් ගෑස් (එල්.පී.) නෞකාවක් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, කෙසේ වෙතත් එහි සිටින සියලුම ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිතව සිටින බවත් ඉරානයේ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ඉරාන මුහුදු සීමාව තුළදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ මොසැම්බික් ධජය යටතේ ගමන් කළ ‘මෙඩා’ (Meda) නමැති නෞකාවයි.​පසුගිය ජූලි 8 වන දින එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවති සටන් විරාම ගිවිසුම අහෝසි වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කිරීමත් සමඟ කලාපීය උණුසුම ඉහළ ගොස් තිබේ.එක්ස් (X) සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියානු තානාපති කාර්යාලය සඳහන් කළේ, අදාළ බලධාරීන් සමඟ සමීප සබඳතාවක පවිනමින් තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බවයි.​ඇමෙරිකාව සහ ඉරානය අතර හුවමාරු වන ප්‍රහාර හේතුවෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, එය ගෝලීය බලශක්ති සැපයුම්වලට තර්ජනයක් වී තිබේ. තවද, කලාපයේ ගුවන් අවකාශයන් වරින් වර වැසී යාම මෙන්ම මැදපෙරදිගින් ඔබ්බටද ඇමෙරිකානු පහසුකම් සහ අවශ්‍යතා ඉලක්ක කර ප්‍රහාර එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීම් ද ඉහළ ගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 874

Leave A Reply

Your email address will not be published. Required fields are marked *