ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට පත්කෙරේ

ශ්‍රී ලංකාවේ ළමා දින සැමරුම්වලට සමාන්තරව විශේෂ සතියක් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට එකඟතාව පළ වෙමින් 2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා වන කාලසීමාව ‘ළමා දින ජාතික සතිය – 2026’ ලෙස නම් කර ඇත.​සමාජය තුළ දරුවන්ගේ අයිතිවාසිකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම සමස්ත යහපැවැත්ම පිළිබඳ අවධානය තවදුරටත් පුළුල් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ. ඩිජිටල් තාක්ෂණය භාවිතයේදී මතුවන අවදානම්, මානසික පීඩන සහ විවිධ ආර්ථික මෙන්ම සමාජීය අභියෝග හමුවේ වර්තමාන දරුවන් මුහුණ දී සිටින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.​මෙම සතිය තුළ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ රාජ්‍ය අංශය ඇතුළු සමස්ත සමාජයම දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ හරහා ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන අවබෝධය ඉහළ නැංවීමත්, දරුවන් සම්බන්ධයෙන් සමාජ සංවේදීතාව වර්ධනය කිරීමත් අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,333

Leave A Reply

Your email address will not be published. Required fields are marked *