අකුරණ සිදුවූ දරුණු රිය අනතුරකින් සයදෙනෙකු ජීවිතක්ෂයට

මහනුවර – යාපනය A-9 මාර්ගයේ අකුරණ, 7 කණුව කුරුගොඩ මංසන්ධිය ආසන්නයේදී අද (19) පෙරවරුවේ සිමෙන්ති පටවාගත් ලොරි රථයක් වාහන කිහිපයක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් සයදෙනෙකු මියගොස් තිබේ.​අලවතුගොඩ පොලිසිය සඳහන් කරන්නේ අනතුරින් බරපතල තුවාල ලැබූ තවත් 6 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, වාහන 10කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි. මෙහිදී ත්‍රිපෝද රථයක් ඇතුළු වාහන දෙකක් මුළුමනින්ම විනාශ වී ඇති අතර යතුරුපැදියක් ගිනිගෙන තිබේ.​සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *