අතිරේක සේවා දීමනා සම්බන්ධයෙන් පවතින විසඳී නොමැති ගැටලු කිහිපයක් මුල් කරගනිමින්, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ලබන සඳුදා (අගෝස්තු 31) උදෑසන 8.00 සිට එක්දින වෘත්තීය සමගි ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇත.සෞඛ්‍ය ලේකම්වරයා විසින් පසුගිය අගෝස්තු 29 වැනි දින ඖෂධවේදීන්ගේ අතිකාල දීමනා “අතිරේක සේවා දීමනා” ලෙස නම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කළද, වෛද්‍ය සේවා අංශයේ බලපෑමක් මත කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව එම චක්‍රලේඛය පසුව අවලංගු කර ඇති බව සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් සතුටුදායක විසඳුමක් ලබා දී නොමැති බැවින්, අදාළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් සඳහන් කරයි.කෙසේ වෙතත්, මානුෂීය පදනම මත මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතන මෙම වර්ජනයෙන් සම්පූර්ණයෙන් නිදහස් කර ඇති අතර, අනෙකුත් සියලුම රෝහල්වල හදිසි හා අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බවත්, මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



























