සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අතුරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීය ක්ෂේත්‍ර 8ක පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම වැඩසටහන මගින් නිපුණතාවයෙන් පිරිපුන් වෘත්තිකයන් පිරිසක් බිහිකිරීමට අපේක්ෂිතය.මෙම බඳවා ගැනීම් යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, දන්ත කාර්මික ශිල්පී, කීට විද්‍යා නිලධාරී, පාසල් දන්ත චිකිත්සක, සෘජුකරණ සහ අංගාදේශක, ඛන්තුරේඛණ ශිල්පී, විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පී සහ ඖෂධ සංයෝජක යන පාඨමාලාවන් සඳහා අයදුම් කළ හැකිය. 2026 අගෝස්තු 07 දිනැති අංක 2501 දරන ගැසට් නිවේදනයට අනුව, 2019 සිට 2023 දක්වා වර්ෂයන්හි අ.පො.ස. (උසස් පෙළ) විද්‍යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවේ.අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 අගෝස්තු මස 31 වනදා ලෙස සටහන් වේ. තෝරා ගැනෙන පාඨමාලාව අනුව එහි කාලසීමාව වෙනස් වන අතර, සෘජුකරණ සහ අංගාදේශක පාඨමාලාව වසර 3ක්ද, ඖෂධ සංයෝජක පාඨමාලාව වසර 1ක්ද වේ. සසුන් සසුන් සෙසු ක්ෂේත්‍ර සඳහා වන පුහුණු කාලසීමාව වසර 2ක් ලෙස නියම කර ඇත.මෙලෙස අතුරු වෛද්‍ය ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා පුළුල් කිරීම හරහා මෙරට රෝහල් පද්ධතියේ සේවාවන් වඩාත් සක්‍රිය කිරීමටත්, නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි පැවැත්ම තහවුරු කිරීමටත් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.



























