දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සබරගමුව පළාත ඇතුළු මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක. මීට අමතරව බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.කෙසේ වෙතත්, ඌව පළාත, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතින අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු-මැද පළාත මෙන්ම මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං හැමීමේ හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව හටගන්නා තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.























