අද දිනයේ වැසි සහිත කාලගුණයක්

අද (20) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකිය.​දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝ දුරට වියළි කාලගුණයක් පවතිනු ඇත. කෙසේ වෙතත්, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,197

Leave A Reply

Your email address will not be published. Required fields are marked *