ඉන්ධන QR ක්‍රමවේදය තවදුරටත් පවත්වා ගැනීම ගැන තීරණයක්

ඉන්ධන නිකුත් කිරීමේ දී භාවිත කෙරෙන QR කේත ක්‍රමය ඉවත් කිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විටත් අධ්‍යයනයක නිරත වෙමින් සිටියි. එම ක්‍රමය අත්හිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර කරුණු කිහිපයක් සැලකිල්ලට ගත යුතුව ඇති බව සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.​සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තවමත් ස්ථාවර මට්ටමකට පැමිණ නොමැති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින බවයි. කෙසේ වුවද පවතින ක්‍රමවේදය යටතේ මෙරට පාරිභෝගිකයින්ට කිසිදු අපහසුවකින් තොරව ඉන්ධන මිලදී ගැනීමේ අවස්ථාව පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,197

Leave A Reply

Your email address will not be published. Required fields are marked *