කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි. මීට අමතරව ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළගේ වේගය පැයට කිලෝමීටර් 30-40ත් අතර අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද මෙම තත්ත්වය බලපෑ හැකි බව කාලගුණ විද්‍යාඥයින් පවසයි.ගිගුරුම් සහිත වැසි සමඟ හටගත හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ජනතාවට දැනුම් දෙනු ලැබේ. අනවශ්‍ය අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටී.



























