අද පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම්

අද දිනයේ දිවයිනේ කාලගුණික තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පස්වරු 2.00 න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් මෙන්ම බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද මෙලෙස තැනින් තැන වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.​සබරගමුව පළාතේත්, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකිය. මීට අමතරව උදෑසන කාලයේදී දකුණු පළාතේ සහ කළුතර, කොළඹ දිස්ත්‍රික්කවල වෙරළබඩ කලාපවලට වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ අම්පාර යන ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද දක්නට ලැබෙනු ඇත.​වැසි පවතින අවස්ථාවලදී ගිගුරුම් සහිත අකුණු මඟින් සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. එබැවින් එළිමහන් කටයුතුවල නිරත වීමේදී මෙන්ම විදුලි උපකරණ භාවිතයේදී ද වඩාත් විමසිලිමත් වීම ආරක්ෂිත වේ.

What's your reaction?

Related Posts

1 of 1,123

Leave A Reply

Your email address will not be published. Required fields are marked *