අද රාත්‍රී දුම්රිය කිහිපයක් අවලංගු වීමේ අවදානමක්

හෙට (17) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් අද (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය සේවාවන් හයක් අවලංගු වීමට ඉඩ ඇති බව වාර්තා වේ.​ඒ අනුව, කොළඹ කොටුවෙන් රාත්‍රී 7.00 ට මඩකපලම බලා, රාත්‍රී 8.00 ට කන්කසන්තුරේ බලා සහ රාත්‍රී 9.30 ට මඩකපලම බලා පිටත්වීමට නියමිතව තිබූ නගරාන්තර හා සීඝ්‍රගාමී රාත්‍රී තැපැල් දුම්රියන් මින් බලපෑමට ලක්වී ඇත. කෙසේ වෙතත්, මෙම දුම්රිය අවලංගු කිරීම් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හෝ ප්‍රවාහන බලධාරීන්ගෙන් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.

What's your reaction?

Related Posts

1 of 1,335

Leave A Reply

Your email address will not be published. Required fields are marked *