අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරුවරුන් සන්නද්ධ කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පෙන්වා දෙයි

ගුරුවරුන් උදෙසා කරනු ලබන ආයෝජනය ඕනෑම රටක අනාගතය වෙනුවෙන් සිදුකෙරෙන වටිනාම කාර්යය බව අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවැති ජාතික අධ්‍යාපන ආයතනයේ 2026 උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, නව පරපුර ස්වාධීනව සිතීමට හුරුකිරීම, සමාජ විෂමතාවලට එරෙහිව ප්‍රශ්න කිරීම සහ විවිධත්වය අගයමින් ක්‍රියාශීලීව සමාජයට දායක වීම අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුතු බව අවධාරණය කළාය.​වේගයෙන් වෙනස් වන වත්මන් ලෝකයට ගැළපෙන පරිදි විවේචනාත්මක චින්තනය, ගැටලු නිරාකරණය සහ ඩිජිටල් තාක්ෂණය මුසු වූ නවීන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව මෙහිදී මතු කෙරුණි. පවතින සමාජ පරතරයන් තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතබා, සෑම දරුවෙකුටම තමන්ගේ උපරිම දක්ෂතා සහ හැකියාවන් කරා ළඟාවීමට සාධාරණ අවස්ථාවක් සලසා දීම සමස්ත ක්ෂේත්‍රයේම සාමූහික වගකීමක් බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.​මෙම උත්සව සභාව ඇමතූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ 21 වන සියවසේ සැබෑ අවශ්‍යතාවලට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සාම්ප්‍රදායික රාමු අභියෝගයට ලක් කරමින් නව දැනුම නිපදවන පුළුල් චින්තනයක් සහිත වෘත්තිකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බවයි. මහා සංඝරත්නය, අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය හා පරිපාලන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,228

Leave A Reply

Your email address will not be published. Required fields are marked *