අස්වැසුම දෙවන අදියරේ ජුනි මස දීමනාව හෙට සිට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ ජුනි මස සඳහා හිමි දීමනා මුදල් හෙට (23) දින අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සුදුසුකම් ලබා ඇති පවුල් ඒකක 270,025ක් වෙත අදාළ ප්‍රතිලාභ හිමිවීමට නියමිත බව බලධාරීහු සඳහන් කරති.​මෙම ගෙවීම් කටයුතු වෙනුවෙන් රජය විසින් වෙන් කර ඇති මුළු මුදල රුපියල් 3,287,163,750කි. අදාළ මුදල් හෙට දිනයේ සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කෙරෙනු ඇත.​ඒ අනුව, ප්‍රතිලාභීන්ට හෙට (23) සිට තමන් සතු අස්වැසුම ගිණුම් භාවිත කරමින් කිසිදු අපහසුතාවකින් තොරව මෙම දීමනාව ලබාගැනීමේ හැකියාව පවතී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම හරහා අපේක්ෂිත ප්‍රතිලාභීන් වෙත සහන මුදල් නියමිත පරිදි ලැබීම තහවුරු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,201

Leave A Reply

Your email address will not be published. Required fields are marked *