වත්මන් පාලනය යටතේ රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටෙමින් පවතින බව පෙන්වා දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, දක්ෂ රාජ්‍ය නිලධාරීන් නොසලකා හරිමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ දැඩි විවේචනයට ලක් කරයි. විශේෂයෙන්ම ජනතාවට අතිශය වැදගත් වන “අස්වැසුම” ප්‍රතිලාභ පවා අදාළ බැංකු ගිණුම් වෙත නිසි පරිදි බැර කිරීමට රජය අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. මෙම අකාර්යක්ෂමතාව හේතුවෙන් අහිංසක ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බවත්, පාලනය අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පවසයි.ආණ්ඩුවේ පාර්ශවකරුවන් විසින්ම තමන් පසුගිය කාලයේ මහජනතාවට අසත්‍ය ප්‍රකාශ කළ බව පිළිගනිමින් සිටින බවත්, එවැනි ක්‍රියාකලාපයන් හරහා රටේ විශ්වාසය පළුදු වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඇතැම් පිරිස් දැනුවත්වම බොරු ප්‍රකාශ කළ බව ප්‍රසිද්ධියේ පවසන පසුබිමක, ආණ්ඩුවේ මෙම දේශපාලන භාවිතය රටේ ඉදිරි ගමනට බාධාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා පෙන්වා දෙයි. මෙය ජනතාව නොමඟ යවන සුළු වැඩපිළිවෙළක් බව පවසමින් ඔහු රජයේ වත්මන් ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දුටුවේය.

























