ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගය අවට ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම මාර්ගයේ ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබේ.අධික බෑවුම් සහ ප්රපාත සහිත මෙම මාර්ගයේ රිය ධාවනය කිරීමේදී වාහනවල විදුලි ආලෝක පද්ධති (Headlights) දල්වාගනිමින් ඉතා පරීක්ෂාකාරීව ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



























