ඉඟුරු වගාවට අල කුණු වීමේ රෝග අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයින පුරා ඉඟුරු වගාවන්හි අල කුණු වීමේ රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මේ දිනවල පවතින තෙතබරිත ස්වභාවය සහ අධික වර්ෂාපතනය මෙම දිලීර රෝග ව්‍යාප්තියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.​කුරුණෑගල, මහනුවර, මාතලේ මෙන්ම අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක රැසක වාණිජ මට්ටමින් හෙක්ටයාර 2,000කට වැඩි බිම් ප්‍රමාණයක දැනට ඉඟුරු වගා කර ඇත. මෙම පුළුල් වගා බිම් වෙත රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන් කඩිනම් පියවර අනුගමනය කරන ලෙස ගොවීන්ට උපදෙස් දී තිබේ.​ඒ අනුව, වගාවේ පඳුරු නිරන්තරයෙන් පරීක්ෂා කර බැලීමට කටයුතු කරන ලෙසත්, යම් හෙයකින් අල කුණු වීමේ ලක්ෂණ පෙන්නුම් කරන පඳුරු හමුවුවහොත් ඒවා වහාම ඉවත් කර ගිනි තබා විනාශ කරන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,295

Leave A Reply

Your email address will not be published. Required fields are marked *