ඉදිරි සති තුනත් ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි

මෙරට ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ, ඉදිරි සති තුනක කාලය තුළද ඩෙංගු අවදානම අඛණ්ඩව පවතින බවයි.​රෝගය පැතිර යාම යම් මට්ටමකින් පාලනය වී තිබුණද, එළඹෙන අගෝස්තු මැද භාගය දක්වා වන කාලසීමාව තවදුරටත් අවදානම් සහගත විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.​දිස්ත්‍රික්ක තුනක් හැර සෙසු ප්‍රදේශවල රෝගීන් වාර්තාවීම අඩුවී ඇතත්, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර, ඩෙංගු මර්දන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට සියලු රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,246

Leave A Reply

Your email address will not be published. Required fields are marked *