ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා සහ දේශපාලන කටයුතු භාර උපදේශක වෛද්‍ය රම්බාබු සී. මහතා, ‘බහුජන බලය’ සංවිධානයේ නියෝජිතයන් සමඟ පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා පවත්වා ඇත. දෙපාර්ශ්වයම සහභාගී වූ මෙම හමුව සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හමුවකට වඩා ඔබ්බට ගිය, පුළුල් හා ගැඹුරු අදහස් හුවමාරුවක් වූ බව සඳහන් වේ.මෙම සාකච්ඡාව තුළදී ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර ඇත. තවද, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුර හා දකුණ අතර සබඳතා මෙන්ම ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.වත්මන් රජය හෝ ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් තොරව, රටේ ජාතික අවශ්‍යතාවලට මුල්තැන දෙමින් මෙම සාකච්ඡාව මෙහෙයවූ බව බහුජන බලය සංවිධානය පවසයි. ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වන කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව අදහස් හුවමාරු කරගෙන ඇත.හමුව සංකේතවත් කරමින්, ආරක්‍ෂාව සහ ප්‍රඥාව නිරූපණය කරන නාග රක්ෂ වෙස් මුහුණක අනුරුවක් බහුජන බලය විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත පිළිගන්වන ලදී. එහිදී නාග හිසකඩ, විශාල ඇස් සහ නෙරා ඇති දිව මඟින් පිළිඹිමු වන සංස්කෘතික අර්ථයන් ද මෙහිදී සිහිපත් කර ඇත.මෙම හමුව සඳහා ‘බහුජන බලය’ නියෝජනය කරමින් සභාපති මිලින්ද රාජපක්ෂ, ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්, ජාතික සංවිධායක පියල් දර්ශණ ගුරුගේ, මාධ්‍ය ලේකම් අංජන උදාර, උප සභාපති කුමුදිනී බණ්ඩාර සහ විධායක සභික සෝනාල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.



























