ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. මෙම නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 495කි. එමෙන්ම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 24කින් මිල ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 434ක් ලෙස සටහන් වේ.ඩීසල් මිල ගණන් ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 407කි. මීට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව පාරිභෝගිකයින්ට සුපිරි ඩීසල් ලීටරයක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 478ක නව මිලකටය.පෙට්‍රල් සහ ඩීසල්වලට අමතරව භූමිතෙල් මිල ද සංශෝධනය කිරීමට සංස්ථාව කටයුතු කර ඇත. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 285ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



























