ඉන්ධන මිල සංශෝධනය අද?

මීළඟ මාසික ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලෙහි මෑත කාලීන හැසිරීම් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිලෙහි සංශෝධන සිදුකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයට එළඹීමට නියමිතව ඇත.​මේ අතර, ඊයේ දිනය සමඟ සසඳන විට අද උදෑසන වන විට ගෝලීය වෙළෙඳපොළ තුළ බොර තෙල් මිලෙහි මඳ පහළ යාමක් දක්නට ලැබී තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.69 ක් ලෙසත්, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.50 ක් ලෙසත් සටහන් වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,263

Leave A Reply

Your email address will not be published. Required fields are marked *