අදින් අවසන් වන ජාතික සුපිළිපන් සතිය

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරමුණෙහි තබා ගනිමින් ක්‍රියාත්මක කළ ජාතික සුපිළිපන් සතියේ සමාප්ති දිනය අදට (31) යෙදී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංවිධානය එකතුව මෙම ජාතික වැඩසටහන මෙහෙයවනු ලබයි.​මෙහි අද දිනට නියමිත ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ පාරිසරික සංරක්ෂණය, සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීම මෙන්ම ග්‍රාමීය හා ප්‍රජා මට්ටමින් සුපිළිපන්බව නංවාලීම කෙරෙහිය. රාජ්‍ය සේවය තුළ ඉහළ කාර්යක්ෂමතාවක්, ගුණාත්මක බවක් සහ පාරදෘශ්‍යභාවයක් තහවුරු කිරීම මෙම සමස්ත ප්‍රවේශයේ මූලික අරමුණ වී ඇත.​කෙසේ වෙතත්, මෙම සතිය අදින් නිමාවට පත් වුවද, අදින් පසු එළඹෙන දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලය තුළ මෙම වැඩසටහන දිවයිනේ සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,262

Leave A Reply

Your email address will not be published. Required fields are marked *