උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (17) බදාදා දිනයේදී ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා කාලය තුළ උඩවලව නගරයට සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටියි. එම නිසා ජල සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් අවශ්‍ය තරම් ජලය කල්තියා ගබඩා කර තබා ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























