උඩුදුම්බර ‘පුංචි ලෝකාන්තය’ නැරඹුම් මධ්‍යස්ථානයේ ප්‍රපාතයකට වැටී මියගිය 27 හැවිරිදි තරුණයෙකුගේ මෘතදේහය ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ භට පිරිසක් විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම පරිශ්‍රයේ සිදු වූ අනතුරක් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කළ දැනුම්දීමකට අනුව, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නුවරඑළියේ සිට ගොස් මෙම මෙහෙයුම දියත් කර ඇත.මීටර් 355ක පමණ අගාධයක පිහිටි මෘතදේහය වෙත ළඟා වූ භට පිරිස්, අතිශය දුෂ්කර කඳුකර තත්ත්වයන් මධ්‍යයේ විශේෂ ක්‍රමවේද භාවිත කරමින් එය ආරක්ෂිතව ගොඩගැනීමට සමත්ව තිබේ. මැණික්හින්න, ලුණුකැඩියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණයාගේ මෘතදේහය වැඩිදුර නීතිමය කටයුතු සඳහා උඩුදුම්බර පොලිසිය වෙත මෙලෙස භාර දී ඇත.



























