අපගේ රටේ උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වලට මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයටද ඉදිරි පැය කිහිපය තුළ සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හෙට (02) පස්වරු 4.00 දක්වා වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල දිවා කාලයේ උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇත.මේ හේතුවෙන් පැන නැඟිය හැකි සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා නිතර ජලය පානය කරන ලෙසත්, සෙවන සහිත ස්ථානවල රැඳී සිටින ලෙසත් බලධාරීන් මහජනතාවට උපදෙස් දෙයි. විශේෂයෙන්ම කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යාමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු අතර, වැඩිහිටි හා රෝගී පුද්ගලයන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.තවද, දහවල් කාලයේදී අධික වෙහෙස ගෙන දෙන කටයුතුවල නිරත වීම සීමා කිරීම වැදගත් වේ. සිරුරට සැහැල්ලු බවක් ගෙන දෙන සුදු හෝ ලා පැහැති ඇඳුම් භාවිත කිරීම මඟින් මෙම උණුසුම් කාලගුණ තත්ත්වයේ බලපෑම අවම කර ගැනීමට හැකියාව ලැබේ.


























