උතුරේ පොලීසි වලට වාහන ගන්න ඉන්දියාවෙන් රුපියල් මි. 300 ක්

ශ්‍රී ලංකා පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරාලීම සඳහා සහාය ලබා දීමක් ලෙස ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක මුදල් ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව, එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ අනුව, එම ප්‍රදානය භාවිත කරමින් උතුරු පළාතේ පොලිස් ස්ථාන වල රාජකාරි අවශ්‍යතා සඳහා කැබ් රථ ලබා දීමට සැලසුම් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *