උසස් පෙළ ශිෂ්‍යත්වලාභීන්ට රජයෙන් වැදගත් පණිවුඩයක්

අති විශිෂ්ට දක්ෂතා දැක්වූ අපොස උසස් පෙළ සිසුන් උදෙසා ක්‍රියාත්මක රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම වැඩසටහන කිසිදු පෞද්ගලික ආයතනයක්, උපදේශන සේවාවක් හෝ බාහිර නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වී පවත්වාගෙන යන්නක් නොවන බව අමාත්‍යාංශය මෙහිදී අවධාරණය කරයි.​රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනට තමන් සම්බන්ධ බව පවසමින් විවිධ අනවසර පාර්ශ්වයන් සිසුන් සහ දෙමාපියන් නොමඟ යවන බව නිරීක්ෂණය වී ඇත. අයදුම්පත් සැකසීම, සිසුන් නිර්දේශ කිරීම හෝ තේරීම් ක්‍රියාවලියට බලපෑම් කිරීම සඳහා කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට බලය පවරා නොමැති බව රජය සිහිපත් කරයි.​අයදුම්පත් භාර ගැනීම සහ ඇගයීම අමාත්‍යාංශය විසින් සෘජුවම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කරනු ලබන අතර, ඒ සඳහා අතරමැදියන්ගේ සහාය ලබා ගැනීම අවශ්‍ය නොවේ. එවැනි අනවසර තෙවන පාර්ශ්වයන් සමඟ සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් රජය කිසිදු වගකීමක් නොගන්නා බැවින්, අමාත්‍යාංශයේ නිල පණිවුඩ පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *