ඌව පළාත් රාජ්‍ය සේවය තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනමින් සේවය කළ සේවකයින් 143 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේදී පසුගියදා සිදුකෙරිණි. 2026 අයවැය යෝජනා මෙන්ම අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප්‍රතිපාදනවලට අනුව මෙම පත්වීම් ලබාදී ඇති අතර, ඉන් ප්‍රතිලාභ ලැබූ බොහෝ දෙනෙක් වසර 5ත් 16ත් අතර දිගු කාලයක් තිස්සේ අවිනිශ්චිත තත්ත්වයන් යටතේ සේවය කළ අය වෙති.පසුගිය කාලය පුරා විවිධ රජයන් යටතේ සේවය කළද තම තනතුරු ස්ථිර නොවීම හේතුවෙන් දැඩි ආර්ථික හා සමාජීය පීඩාවකට මුහුණ දුන් බව මෙහිදී සේවකයෝ පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, වත්මන් රජය ගත් මෙම කාලීන තීරණයත් සමඟ තම දිර්ඝකාලීන අපේක්ෂාවන් ඉටු වූ බව සඳහන් කළ ඔවුන්, ඉදිරියේදී රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබාදෙන බවට ද ප්‍රතිඥා දුන්හ.මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සඳහා ඌව ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. උත්සව සභාව අමතමින් මැති ඇමතිවරුන් සඳහන් කළේ සේවකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට ඔවුන්ගේ ශ්‍රමය දායක කරගැනීම රජයේ මූලික අපේක්ෂාව බවයි.



























