ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 1,699.81ක (බදු රහිත) කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.ජාතික තරගකාරී ලංසු කැඳවීම යටතේ ඉදිරිපත් වූ ලංසු හයක් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සතුට බිල්ඩර්ස් (පෞද්ගලික) සමාගම වෙත මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය වී ඇත.මෙම ව්‍යාපෘතියේ සැලසුම් කිරීම, ඉදිකිරීම සහ පද්ධති ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා පසුගිය 2025 ජූනි 9 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී මූලික අනුමැතිය ලබා දී තිබුණි.



























