එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති අජ්මාන් පාපැදි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු ජයග්‍රහණ වාර්තා කරමින් අද (24) අලුයම දිවයිනට පැමිණියහ. වසර අටකට පසුව මෙරට ක්‍රීඩකයින් ජාත්‍යන්තර පාපැදි තරගාවලියකදී මෙවැනි දක්ෂතාවක් දැක්වීම විශේෂත්වයකි.රටවල් 36ක ක්‍රීඩකයන් දහසකට ආසන්න පිරිසක් එක්වූ මෙම තරගාවලියේදී, වයස අවුරුදු 50ට වැඩි කිලෝමීටර් 40 ඉසව්වට තරග කළ අල් තාෆ් මොහිදීන් තෙවන ස්ථානය දිනා ගත්තේය. තරගකරුවන් 637 දෙනෙකු අතරින් පැයයි මිනිත්තු එකක කාලයකින් තරගය නිම කළ ඔහු සිය හොඳම පෞද්ගලික කාලය ද වාර්තා කළේය.මීට අමතරව වයස අවුරුදු 24-39 කාණ්ඩයේ කිලෝමීටර් 100 ඉසව්වට තරගකරුවන් 280 දෙනෙකු සමඟ තරග වැදුණු යුද හමුදා ක්‍රීඩක සාරංග පෙරේරා එහි 12 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.



























