“ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව සිව්වන දිනටත්

වියට්නාමයේ සිට වැඩම කළ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහෙයවන “ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාව අද (25) සිව්වන දිනටත් සාර්ථකව පවත්වනු ලැබේ. අද උදෑසන මාවනැල්ල, බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරස්ථානයෙන් ආරම්භ වූ මෙම අධ්‍යාත්මික චාරිකාව, මහා මාර්ගය ඔස්සේ තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.​ඓතිහාසික දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ මෙම විශේෂ පාද යාත්‍රාව සඳහා දේශීය මෙන්ම විදේශීය භික්ෂූන් වහන්සේලා රැසක් සහභාගී වී සිටිති. සාමය සහ ආගමික සහජීවනය පෙරදැරි කරගනිමින් සංවිධානය කර ඇති මෙම පාගමන, යන අතරමගදී ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,111

Leave A Reply

Your email address will not be published. Required fields are marked *