ඔක්තෝබර් අස්වැසුම මුදල් හෙට සිට ගිණුම්වලට

2026 ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මුදල් හෙට (14) දින සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇත. අදාළ මුදල් හෙට සිට බැංකු ගිණුම් හරහා ලබාගැනීමට පහසුකම් සලසා තිබේ.​මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 985,283 ක් සඳහා රුපියල් බිලියන 9.12 ක මුදලක් වෙන්කර ඇත. එසේම දෙවන අදියර යටතේ පවුල් 212,445 ක් සඳහා රුපියල් බිලියන 2.04 ක මුදලක් ලබාදීමට නියමිතය.​ඒ අනුව අදියර දෙකම ආවරණය වන පරිදි සමස්ත ප්‍රතිලාභී පවුල් 1,197,728 ක සංඛ්‍යාවක් වෙනුවෙන් රුපියල් බිලියන 11.16 ක මුදලක් රජය විසින් ලබාදීමට නියමිතව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *