බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති “ඔර්නබ්” (Arnab) නමැති ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය ඔස්සේ ගොඩබිමට ඇතුළු වී තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට එමගින් එල්ල වූ බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම ඌව පළාත, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ඇතුළු උතුරු, උතුරු-මැද, වයඹ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 ත් අතර තද සුළං ඇතිවිය හැක. අකුණු සහ තාවකාලික තද සුළං නිසා සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


























