කඩුවෙල ගින්නෙන් මියගිය එකම පවුලේ සිව්දෙනාගේ අවසන් කටයුතු අද

කඩුවෙල නගර මධ්‍යයේ දෙමහල් ගොඩනැගිල්ලක පසුගිය 19 වැනිදා අලුයම හටගත් ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ සිව්දෙනාගේ දේහයන්, පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් පදිංචිව සිටි තලාහේන අටේ කණුව ප්‍රදේශයේ නිවස වෙත රැගෙනවිත් තිබේ. දේහයන් නිවසට රැගෙන ආ අවස්ථාවේදී විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා එහි පැමිණ සිටියහ.​මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි නාරද සඳරුවන්, ඔහුගේ 28 හැවිරිදි බිරිඳ ලක්ෂිකා මධුශානි සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන පස් හැවිරිදි දිලෙනි හසන්‍යා හා දෙහැවිරිදි ඔනෙලි පහන්යා යන අයයි. ඔවුන් කඩුවෙල පිහිටි සිය විදුලි උපකරණ අලෙවිසැලේ උඩුමහලේ නවාතැන් ගෙන සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර, සිව්දෙනාගේම අවසන් කටයුතු අද (21) තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,432

Leave A Reply

Your email address will not be published. Required fields are marked *