විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (08) පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් තබා ඇත. මෙම යෝජනාවට අත්සන් තැබීම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මීට එක්වූහ. කථානායකවරයාට එරෙහිව චෝදනා 49ක් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර ඇත.

























