කම්කරු අයිතීන් වෙනුවෙන් කැපවූ ටී.බී. ඉලංගරත්න ශ්‍රීමතාණන්ගේ ගුණසමරුව කොළඹදී

​ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ සුබසාධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණානුස්මරණ උළෙලක් කොළඹ නවම් මාවත අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී අද දින පැවැත්විණි. දේශපාලනඥයෙකු මෙන්ම ප්‍රවීණ ලේඛකයෙකු ලෙසද ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ ඉලංගරත්න මහතා දේශීය කම්කරු ක්ෂේත්‍රයේ නව යුගයක් ඇති කළ නායකයෙකු ලෙස මෙහිදී ඇගයීමට ලක්විය.​හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ටී.බී. ඉලංගරත්න පිළිරුවට මල්මාලා පලඳවා උපහාර දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි. දේශීයත්වය අගය කළ සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටි එතුමාගේ දේශපාලනික දර්ශනය සහ සමාජ මෙහෙවර වත්මන් සමාජයටද මහඟු ආදර්ශයක් බව මෙහිදී අවධාරණය කෙරිණි.​මෙම අනුස්මරණ සැමරුම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් මෙන්ම හිතවතුන් පිරිසක් ද සහභාගී වී සිටියහ. පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය කෘතගුණ දැක්වීමක් ලෙස සංවිධානය කර තිබූ මෙම අවස්ථාවේදී, ඉලංගරත්න මහතා ජාතියට දායාද කළ සේවාවන් පිළිබඳව ද සහභාගී වූවන් සිය මතකයන් අවදි කළහ.

What's your reaction?

Related Posts

1 of 1,121

Leave A Reply

Your email address will not be published. Required fields are marked *