කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්

අනිද්දා (08) කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි.​කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත.​ඒ අනුව, ඔක්තෝබර් 08 වැනි දින පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ. සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව ද පළ කර සිටී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *