ක්රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත අද (16) උදෑසන රැගෙන එනු ලැබීය.අදාළ නඩුව අද දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබේ. ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් දැඩි ආරක්ෂාව යටතේ මන්ත්රීවරයාව අධිකරණ පරිශ්රය වෙත කැඳවාගෙන එන ලදී.මෙම නඩුවට අදාළ ඉදිරි නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයේදී තීරණය කිරීමට නියමිතව ඇත.



























