කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදු කර ඇති අතර, ඊට අදාළ නිල පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වන ලදී.මීට පෙර එම විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ එන්.ඩී. ප්‍රනාන්දු මහතා නව තනතුරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.අගෝස්තු මස 24 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම ක්‍රියාත්මක වන අතර, ඉදිරි කාලය තුළ ඔහු විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය හා පරිපාලන කටයුතු මෙහෙයවනු ඇත.



























