කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාමේ අවදානමක්

ඉන්දීය බඩඉරිඟු ආනයනය කිරීමට අවශ්‍ය අවසර ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.​සතුන්ගේ ප්‍රධාන ආහාරය වන බඩඉරිඟු වෙනුවට සහල් භාවිත කිරීමට සිදුවීම නිසා මේ වන විට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදන ධාරිතාව ක්‍රමයෙන් පහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙයි. මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් වෙළඳපොළේ පවතින ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලීමට නොහැකි වනු ඇත.​මේ හරහා ඉදිරි උත්සව සමයේදී පාරිභෝගිකයින්ට වැඩි මිලකට මේවා මිලදී ගැනීමට සිදුවීමේ අවදානමක් උද්ගත වී තිබේ. එබැවින් අදාළ බලධාරීන් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර විසඳුමක් ලබා දෙනු ඇතැයි නිෂ්පාදකයෝ අපේක්ෂා කරති.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *