ලොව සුප්‍රකට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්‍ය ජාලයන්හි මව් සමාගම වන ‘මෙටා’ (Meta) හි සේවකයින් 15,000කට ආසන්න පිරිසකගේ රැකියා අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අදාළ සේවකයින් සේවයෙන් ඉවත් කිරීමට හෝ ඔවුන්ව වෙනත් අංශ වෙත මාරු කිරීමට අදාළ නිල දැනුම්දීම් මේ වන විටත් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.සමාගම තුළ සිදුවන මෙම දැවැන්ත ව්‍යුහාත්මක වෙනසට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වර්තමාන තාක්ෂණික ලෝකයේ පෙරළියක් සිදුකරන කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයයි. මෙටා සමාගම AI තාක්ෂණික අංශ දියුණු කිරීම වෙනුවෙන් මේ වන විට අතිවිශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරමින් සිටින අතර, ඒ සඳහා වැයවන අධික පිරිවැය කළමනාකරණය කරගැනීම මෙම තීරණයට ඍජුවම බලපා තිබෙනවා.තාක්ෂණික ලෝකයේ නව ප්‍රවණතාවලට හැඩගැසීම සඳහා මෙටා සමාගම ගත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී සේවක කප්පාදුවක් හෝ අභ්‍යන්තර අංශ මාරුවීම් රැසක් සිදුවනු ඇත. කෙසේ වෙතත්, ආයතනයේ මෙහෙයුම් පිරිවැය සීමා කරමින් නවීන තාක්ෂණය දෙසට නැඹුරු වීම සඳහා ඔවුන් ගත් මෙම ක්‍රියාමාර්ගය ගෝලීය රැකියා වෙළඳපොළ තුළ දැඩි කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ.

























