පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර හතක් සපිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (21) පැවැත්වෙන විශේෂ අනුස්මරණ දේව මෙහෙය හේතුවෙන් ප්‍රදේශය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. අද පෙරවරු 7.00 සිට දේව මෙහෙය නිමාවන තෙක් දේවස්ථානය දෙසට දිවෙන මාර්ගවල රථවාහන ගමනාගමනය වරින් වර සීමා කිරීමට නියමිත බැවින්, එම මාර්ග භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ.මෙම විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ අනුස්මරණ වැඩසටහන් සඳහා පැමිණෙන පිරිසගේ පහසුව සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණිනි. මේ හේතුවෙන් කොළඹ වරාය සහ ඒ අවට ප්‍රධාන මාර්ගවල ගමන් ගන්නා මගීන් සහ රියදුරන් ඇතිවිය හැකි සුළු ප්‍රමාදයන් පිළිබඳව කලින් දැනුවත් විය යුතු බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි. පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමෙන් මාර්ග තදබදය අවම කර ගැනීමට සහාය වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

























