කොළඹ මෙට්‍රෝ බස් සේවාව පුළුල් කිරීමට පියවර

කොළඹ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක මෙට්‍රෝ බස් රථ සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා පවතින සියලුම බස් රථ 121ම යෙදවීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. මූලික අදියරේදී බස් රථ 10කින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති අතර, ලබන වසරේ සිට ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්‍රධාන නගර සඳහාද එය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. පෞද්ගලික වාහන භාවිත කරන්නන් පොදු ප්‍රවාහනය වෙත යොමු කරවා ගැනීම මෙම නවීන ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.​මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අංගයක් ලෙස බස් නැවතුම්පොළ 240ක් ආශ්‍රිතව ‘Park and Ride’ (වාහන නවතා ගමන් කිරීමේ) ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ මගීන්ට තම මෝටර් රථ හෝ යතුරුපැදි ආරක්ෂිතව එම ස්ථානවල නවතා මෙට්‍රෝ බස් රථ මගින් ගමනාන්ත වෙත ළඟ වීමට පහසුකම් සලසා ඇත. අදාළ ප්‍රදේශවල වාහන නැවැත්වීමේ පහසුකම් ඇති කිරීමට ව්‍යාපාරිකයන්ට සහ ඉඩම් හිමියන්ට අවස්ථාව ලබා දී ඇති අතර, නාගරික සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දෙන විශේෂ ජංගම දුරක්තන යෙදුම (App) හරහා රියැදුරන්ට එම ස්ථානවල ඉඩකඩ සජීවීව පරීක්ෂා කර බැලීමේ පහසුකම ද හිමි වේ.​වාහන නැවැත්වීමේ ස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම පළාත් පාලන ආයතන විසින් සිදු කරනු ලබන අතර, ඒ සඳහා මාර්ගගත ක්‍රම මගින් ගාස්තු ගෙවීමේ පහසුකම්ද සැපසීමට නියමිතය. නාගරික රථවාහන තදබදය අවම කරමින් කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් ජනතාවට සමීප කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

What's your reaction?

Related Posts

1 of 1,303

Leave A Reply

Your email address will not be published. Required fields are marked *