අධිකරණ වරෙන්තු ලබා සිටියදී කළුතර තීනියාවල ආරණ්‍ය සේනාසනයක සැඟව සිටියදී අත්අඩංගුවට පත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. උන්වහන්සේ ඊයේ (03) දින අත්අඩංගුවට පත්විය.අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියමව සිටි අවස්ථාවක, උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් මීට පෙර විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.ඒ අනුව, නීතිමය ක්‍රියාමාර්ග සඳහා උන්වහන්සේ මෙලෙස අදාළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.



























