මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ජාතික ධීවරයින් 9 දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.​යාපනය ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඊයේ (03) සවස් වරුවේ මෙම පිරිස මෙහෙයුමකදී කොටුවී ඇත. ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව විසින් මෙම නිරීක්ෂණය සිදු කර තිබේ.​අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,362

Leave A Reply

Your email address will not be published. Required fields are marked *