ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති කොමිසම හෙට සාක්ෂි විමසයි

මෙරට ගල් අඟුරු ආනයනය සහ ඒ ආශ්‍රිත ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිෂන් සභාව හෙට (01) දින සිට සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම කොමිසම වෙත මේ වන විට පැමිණිලි 28ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අදාළව සවිස්තරාත්මක වාර්තා ඉදිරිපත් කිරීම සඳහා පැමිණිලිකරුවන්ට ලබා දී තිබූ කාලසීමාව අද (30) දිනයෙන් අවසන් වේ.​ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබූ මෙම පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කටයුතු කරයි. මෙම කොමිසම මගින් රටේ සිදුවී ඇති සමස්ත ගල් අඟුරු ගනුදෙනු ක්‍රියාවලිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.​සභාපතිවරයාට අමතරව, අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන් මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති. ඉදිරි දිනවලදී පැමිණිලිවලට අදාළ සාක්ෂි සහ කරුණු අධ්‍යයනය කරමින් පරීක්ෂණ කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමට කොමිසම සූදානමින් සිටී.

What's your reaction?

Related Posts

1 of 1,212

Leave A Reply

Your email address will not be published. Required fields are marked *