ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.බන්ධනාගාර ආඥාපනතේ (54 වන අධිකාරය) 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති නීතිමය බලතල අනුව මෙම නව බන්ධනාගාරය ස්ථාපිත කිරීමේ කටයුතු සිදු කෙරේ.























